මෙනුව

අපගේ සේවාවන්

මුල් පිටුව / අපගේ සේවාවන්

මහජන උපයෝගීතා සේවා සහ බලපත්‍ර නිකුත් කිරීම්

ඉඩම් අනු බෙදුම් හා ඒකාබද්ධ කිරීමේ සැලසුම් අනුමත කිරීම

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද 2021 නාගරික සංවර්ධන අධිකාරියේ සැලසුම් හා සංවර්ධන නියෝගවල 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය.
  • සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද මිනින්දෝරු සැලැස්මේ පිටපත් 5 ක්.
  • නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්.
  • වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියා පදිංචි කර තිබිය යුතුය.

ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය (නාගරික සංවර්ධන ප්‍රදේශ නොවන විට සභාවෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය).
  • සුදුසුකම් ලත් තැනැත්තකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් 5 ක්.
  • නොතාරිස්වරයකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක්.
  • වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, හිමිකරු නමින් ලියාපදිංචි කර තිබිය යුතුය.

වීථි රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම

  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය.
  • ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්.
  • ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ සහතික කළ පිටපතක්.
  • හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.

නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම

  • දේපළෙහි දත්ත සහිත ව නොපවරා ගැනීමේ සහතිකය ඉල්ලීමේ ලිපියක්.
  • ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.
  • සභාවට අය වීමට ඇති සියලු වරිපනම් සහ අනෙකුත් මුදල් ගෙවා අවසන් කර තිබිය යුතුය.

අනුකූලතා සහතිකය නිකුත් කිරීම

  • නාගරික සංවර්ධන ප්‍රදේශයක වන විට 1 වන උපලේඛනයේ ඉල්ලුම් පත්‍රය හෝ සෙසු ප්‍රදේශ සඳහා සභාවෙන් ලබා ගත් ඉල්ලුම් පත්‍රය.
  • නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ සහ අනුමත සැලසුමේ පිටපතක් බැගින්.
  • ඉල්ලුම්කරු ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.

සංවර්ධන බලපත්‍රයක වලංගු කාලය දීර්ඝ කිරීම

  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය.
  • අනුමත කළ සංවර්ධන සැලැස්මේ මුල් පිටපත.
  • නිකුත් කළ සංවර්ධන බලපත්‍රයේ පිටපත.
  • ඉඩමේ හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය (අවශ්‍ය නම්).

පරිසර ආරක්ෂණ බලපත්‍රය

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය.
  • කර්මාන්තය හෝ ව්‍යාපාරය පිහිටා ඇති ස්ථානයට යන මාර්ගයේ දළ සටහනක්.
  • ව්‍යාපාරය ලියා පදිංචි කිරීමේ සහතිකයේ සහ ඉඩමේ ඔප්පුවේ පිටපත් (පළමු වතාවේදී).
  • අයිතිකරු නොවන විට, ඉඩම් හිමිකරු සමග එළඹි ගිවිසුම හෝ කැමැත්ත ප්‍රකාශ ලිපිය.

වෙළෙඳ බලපත්‍ර නිකුත් කිරීම

  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය.
  • පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වන විට වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සහතික කළ පිටපතක්.

ජල බවුසර් සේවාව ලබා දීම

  • නිවැරදිව සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය.
  • ප්‍රදේශයේ පවතින පානීය ජල හිඟතා කාලයන්හිදී හෝ විශේෂ උත්සව අවස්ථාවන් සඳහා සභාව සතු ජල බවුසර් රථ මගින් ජලය සැපයීම සිදු කරයි.

වාහන සහ යන්ත්‍රෝපකරණ කුලියට දීම

මේ සඳහා ලිඛිත ඉල්ලීමක් සහ කාර්යාලයෙන් ලබා ගන්නා අයදුම්පත සම්පූර්ණ කර ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ යුතුය. පවතින වාහන:

  • ට්‍රැක්ටර් ජල බවුසරය
  • ට්‍රක් ජල බවුසරය
  • බැකෝ ලෝඩරය
  • මෝටර් ග්‍රේඩරය / මාර්ග තලනය

මහජන පුස්තකාල සේවාව

මහජනතාවට පොත් පත්, වාර සඟරා, පුවත්පත් ආදිය පහසුවෙන් කියවීමට හා බැහැර ගෙන යාමට පහසුකම් සපයයි:

  • විල්පිට මහජන පුස්තකාලය සහ තිබ්බොටුවාව මහජන පුස්තකාලය.
  • සාමාජික ගාස්තු: පාසල් ළමුන් සහ වැඩිහිටියන් සඳහා රු. 125.00 කි.
  • විස්තර සඳහා: ප්‍රජා සංවර්ධන නිලධාරී (ජයන්ත කුමාර මයා) - 041-2284175.

මුල් ළමා විය සහ පෙර පාසල් සේවාව

  • විල්පිට ශ්‍රීපති පෙර පාසල (පාලනය හා නඩත්තුව සභාව මගින් සිදු කරයි).
  • වාර්ෂික වැඩසටහන්: සිඟිති පොළ, සිඟිති ප්‍රදර්ශනය, රාත්‍රී කඳවුර, මිහිඳු පෙරහැර, සහ වාර්ෂික විවිධ ප්‍රසංගය.