Emblem Logo

පුවත් සහ නිවේදන

නවතම යාවත්කාලීන කිරීම්

නවතම පුවත් සහ නිවේදන

පෙරහන් යළි සකසන්න
කෙටි චිත්‍රපට තරඟය - 2025
ඔක්තෝබර් 9, 2026 සිදුවීම් සහ වැඩසටහන්

කෙටි චිත්‍රපට තරඟය - 2025

තරඟ කොන්දේසිමාතෘකාව: "බලාපොරොත්තුවේ මිනිසුන්"අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය: 2025.03.03මෙම තරඟය සඳහා සහභාගී විය හැක්කේ කතෝලික සහ ක්‍රිස්තියානි අය සඳහා පමණි.සහභාගී විය හැකි වයස් කාණ්ඩ:පළමු වයස් කාණ්ඩය - වයස අවුරුදු 18 ට අඩු (පාසල්/ දහම් පාසල්)දෙවන වයස් කාණ්ඩය - වයස අවුරුදු 18 ට වැඩි (විවෘත කාණ්ඩය)දෙබස් භාවිත කරන්නේ නම් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා මාධ්‍යයෙන් කෙටි චිත්‍රපට ඉදිරිපත් කළ හැකි අතර තරඟයේදි මාධ්‍ය අනුව කාණ්ඩ කිරිමක් සිදු නොවේ.එක් කණ්ඩායමකට ඉදිරිපත් කල හැක්කේ එක් නිර්මාණයක් පමණි.කෙටි චිත්‍රපටය විනාඩි 3 – 5 ත් අතර කාලයකට සීමා විය යුතු ය.නිර්මාණය කැමරා හෝ ජංගම දුරකථන භාවිතයෙන් නිර්මාණය කළ හැකි අතර Full HD තත්වයෙන් තරඟය සඳහා ඉදිරිපත් කල යුතු ය.නිර්මාණ භාර ගන්නා අවසන් දිනය: 2025.04.25ඔබ විසින් ඉදිරිපත් කරන නිර්මාණය, 2025.04.25 ට පෙර සතියේ වැඩ කරන දිනවල පෙ.ව. 9.00 ත් ප.ව. 3.30 ත් අතර දෙපාර්තමේන්තුවට පෙන්ඩ්‍රයිව් හෝ වෙනත් සුදුසු මාධ්‍යයකින් ගෙනවිත් භාර දිය හැකි අතර, එසේ නොමැති නම් වෙනත් සුදුසු මාධ්‍යයකින් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු ය.ඔබ විසින් සකස් කරන ලද අයදුම්පත මීසම් භාර පියතුමා ගේ/ විදුහල්පතිතුමා ගේ/ ආයතන ප්‍රධානිගේ නිර්දේශය සහිතව 2025.03.03 දිනට පෙර දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්න.අයදුම්පත සම්පූර්ණ කිරීමේදි කණ්ඩායමේ නම, ලිපිනය, පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක දෙකක්ද සඳහන් කල යුතු ය. මීට අමතරව වට්ස්ඇප් අංකයක්ද යෙදීම අනිවාර්ය වේ....

වැඩිදුර කියවන්න
ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර 2025
සැප්තැම්බර් 24, 2026 නිවේදන

ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර 2025

ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර 2025...

වැඩිදුර කියවන්න
කැරොල් ගායනා තරඟය - 2025
සැප්තැම්බර් 24, 2026 සිදුවීම් සහ වැඩසටහන්

කැරොල් ගායනා තරඟය - 2025

තරඟ කොන්දේසි සිංහල හා දෙමළ භාෂා මාධ්‍යයෙන් තරඟය පැවැත්වෙන අතර සමූහ ගායනයක් වශයෙන් ඉදිරිපත් කල යුතුය. කාලය උපරිම විනාඩි 03 කි. සහභාගී විය හැකි පිරිස උපරිම 15 දෙනෙක් හා අවම පිරිස 10 දෙනෙකි. (ගායන, වාදන, ගී පද රචනය සහ තනු නිර්මාණය යන සියළු සාමාජිකයින්) එක් අයදුම්කරුවෙක් හට ඉදිරිපත් විය හැක්කේ එක් භාෂා මාධ්‍යකින් පමණි. තරඟය සදහා ඔබ විසින් නව නිර්මාණ ගීතිකාවක් ඉදිරිපත් කල යුතුය. එය කුමන හෝ තරඟයක්වත් ජයග්‍රහණය කර නොතිබිය යුතු අතර එම නිර්මාණ මීට ඉහතදී තැටිගත වී නොතිබිය යුතුය. (නව නිර්මාණයක්ම විය යුතුය) මීට අමතරව දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන පොදු ගීතිකාවක්ද ගායනා කල යුතුය. ඔබ විසින් නිර්මාණය කරන ලද ගීතයෙහි පහත සදහන් ගුණාංග තිබිය යුතුය. අර්ථවත් පද මාලාවක් හා ගී තනුව ගුණාත්මක භාවයකින් යුක්තවිය යුතුය. අර්ථාන්විත පණිවිඩයකින් යුක්ත විය යුතුය. ඔබ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන නව නිර්මාණය සදහා ගී පද රචනය සහ තනු නිර්මාණය ලබා දෙන අයගේ එකගතාවය අයදුම්පත්‍රයේ සදහන් කර සහතික කර එවිය යුතුය....

වැඩිදුර කියවන්න
මුනීර් මුලෆ්ෆර්, පා.ම
සැප්තැම්බර් 24, 2026 සිදුවීම් සහ වැඩසටහන්

මුනීර් මුලෆ්ෆර්, පා.ම

්‍රිවහයායළ ආගමික කගකුයු දගපාරළතමේප්තු දලගපමපශයලවගලළතමේළග චිත්‍රරුගේරයය...

වැඩිදුර කියවන්න
ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර 2026
සැප්තැම්බර් 23, 2026 සිදුවීම් සහ වැඩසටහන්

ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර 2026

අභිමානවත් චාරිකාවක කිතුණු මිනිසා සොයා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන අභිමානවත් සම්මාන පෙළහර මෙම වර්ෂයේ ද 6 වන වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කෙරේ. මෙම උළෙලේ මුඛ්‍ය අරමුණ, විවිධ නිර්මාණ ක්ෂේත්‍ර තුළ පදවි මට්ටමින් ඇගයීමට පත්විය යුතු කතෝලික කලාකරුවන් තෝරා ජාතික මට්ටමින් ඇගයීමයි. ජාතික කතෝලික රදගුරු මඩුල්ලේ මඟ පෙන්වීම යටතේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර උළෙල සදහා සම්මානලාභින් තෝරා ගැනීම සඳහා අයදුම්පත් දැන් භාර ගැනේ....

වැඩිදුර කියවන්න

නිල නිවේදන

සියල්ල බලන්න
සැප්
2026

2026 වාර්තා චිත්‍රපට තරගය නව

සැප්
2026

කෙටි චිත්‍රපට තරගය - 2026 නව