තරඟ කොන්දේසි
- මාතෘකාව: "බලාපොරොත්තුවේ මිනිසුන්"
- අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය: 2025.03.03
- මෙම තරඟය සඳහා සහභාගී විය හැක්කේ කතෝලික සහ ක්රිස්තියානි අය සඳහා පමණි.
- සහභාගී විය හැකි වයස් කාණ්ඩ:
- පළමු වයස් කාණ්ඩය - වයස අවුරුදු 18 ට අඩු (පාසල්/ දහම් පාසල්)
- දෙවන වයස් කාණ්ඩය - වයස අවුරුදු 18 ට වැඩි (විවෘත කාණ්ඩය)
- දෙබස් භාවිත කරන්නේ නම් සිංහල, දෙමළ හා ඉංග්රීසි භාෂා මාධ්යයෙන් කෙටි චිත්රපට ඉදිරිපත් කළ හැකි අතර තරඟයේදි මාධ්ය අනුව කාණ්ඩ කිරිමක් සිදු නොවේ.
- එක් කණ්ඩායමකට ඉදිරිපත් කල හැක්කේ එක් නිර්මාණයක් පමණි.
- කෙටි චිත්රපටය විනාඩි 3 – 5 ත් අතර කාලයකට සීමා විය යුතු ය.
- නිර්මාණය කැමරා හෝ ජංගම දුරකථන භාවිතයෙන් නිර්මාණය කළ හැකි අතර Full HD තත්වයෙන් තරඟය සඳහා ඉදිරිපත් කල යුතු ය.
- නිර්මාණ භාර ගන්නා අවසන් දිනය: 2025.04.25
- ඔබ විසින් ඉදිරිපත් කරන නිර්මාණය, 2025.04.25 ට පෙර සතියේ වැඩ කරන දිනවල පෙ.ව. 9.00 ත් ප.ව. 3.30 ත් අතර දෙපාර්තමේන්තුවට පෙන්ඩ්රයිව් හෝ වෙනත් සුදුසු මාධ්යයකින් ගෙනවිත් භාර දිය හැකි අතර, එසේ නොමැති නම් වෙනත් සුදුසු මාධ්යයකින් දෙපාර්තමේන්තුව වෙත යොමු කළ යුතු ය.
- ඔබ විසින් සකස් කරන ලද අයදුම්පත මීසම් භාර පියතුමා ගේ/ විදුහල්පතිතුමා ගේ/ ආයතන ප්රධානිගේ නිර්දේශය සහිතව 2025.03.03 දිනට පෙර දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්න.
- අයදුම්පත සම්පූර්ණ කිරීමේදි කණ්ඩායමේ නම, ලිපිනය, පහසුවෙන් සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක දෙකක්ද සඳහන් කල යුතු ය. මීට අමතරව වට්ස්ඇප් අංකයක්ද යෙදීම අනිවාර්ය වේ.