Emblem Logo

පුවත් සහ සිදුවීම්

වැඩසටහන් සහ උත්සව

ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර 2026

සැප්තැම්බර් 23, 2026 • වැඩසටහන් සහ උත්සව • දෙපාර්තමේන්තු මාධ්‍ය ඒකකය
ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර 2026
අභිමානවත් චාරිකාවක කිතුණු මිනිසා සොයා ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන අභිමානවත් සම්මාන පෙළහර මෙම වර්ෂයේ ද 6 වන වරටත් උත්කර්ෂවත් ලෙස සංවිධානය කෙරේ. මෙම උළෙලේ මුඛ්‍ය අරමුණ, විවිධ නිර්මාණ ක්ෂේත්‍ර තුළ පදවි මට්ටමින් ඇගයීමට පත්විය යුතු කතෝලික කලාකරුවන් තෝරා ජාතික මට්ටමින් ඇගයීමයි. ජාතික කතෝලික රදගුරු මඩුල්ලේ මඟ පෙන්වීම යටතේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව හා ජාතික කතෝලික ජනසන්නිවේදන කේන්ද්‍රය ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ධර්මප්‍රභාෂ්වර උත්තමාචාර උළෙල සදහා සම්මානලාභින් තෝරා ගැනීම සඳහා අයදුම්පත් දැන් භාර ගැනේ.
ලිපිය බෙදාගන්න:
පුවත් පිටුවට ආපසු යන්න