බලපිටිය ප්‍රාදේශීය සභාව, බලපිටිය
0912 258 738 balaprasabhaya@yahoo.com
බලපිටිය ප්‍රාදේශීය සභාව Balapitiya Pradeshiya Sabha

පැමිණිලි සහ යෝජනා

ප්‍රාදේශීය සභාව - බලපිටිය
ක්‍රියාකරන ආකාරය:
  • බලපිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ වූ යම් ගසකින් හෝ ගසක යම් අත්තකින්, කඳකින්, ගෙඩියකින් හෝ වෙනත් කිසිවකින් යම් දේපළකට හෝ ගොඩනැගිල්ලකට අලාභ හානියක් සිදුවන හෝ, අලාභ හානි සිදුවීමට ඉඩ ඇති අවස්ථාවක,
  • නැතහොත් යම් ගොඩනැගිල්ලක පදිංචිකරුවකුට, වෙනත් පදිංචිකරුවෙකුගේ ගසක යම් අත්තකින්, කඳකින්, ගෙඩියකින් හෝ අලාභ හානියක් සිදුවන හෝ, අලාභ හානි සිදුවීමට ඉඩ ඇති අවස්ථාවක,
  • නැතහොත් මහා මාර්ගයක ගමන් කරන්නන්ගේ ආරක්ෂාවට හානි වන ලෙස හෝ අනතුරුදායක ලෙස, වෙනත් පදිංචිකරුවෙකුගේ ගසක යම් අත්තකින්, කඳකින්, ගෙඩියකින් හෝ අලාභ හානියක් සිදුවන හෝ, අලාභ හානි සිදුවීමට ඉඩ ඇති අවස්ථාවක ප්‍රාදේශීය සභාවට අයදුම්පතකින් ඉදිරිපත් කළ යුතුය.
අනුගමනය කළ යුතු පියවර සහ නීති රීති
  1. 01
    අයදුම්පත් ගාස්තුව: අයදුම්පත්‍ර ගාස්තුව රු. 1000/= කි.
  2. 02
    රජයේ කැපුම් බලපත්‍ර: කොස්, පොල්, දෙල් සහ ගැහැණු තල් ගස් සම්බන්ධව ප්‍රාදේශීය ලේකම්ගේ කැපුම් බලපත්‍රයට යටත්ව ගස කැපීමට අවසර දෙනු ලැබේ.
  3. 03
    අධිකරණ නඩු: ගස් අයිතිකරුගේ නඩුවක් විභාග වේ නම් ඒ සම්බන්ධව අයදුම්පතේ සඳහන් කළ යුතු අතර, අධිකරණයේ නියෝගය පරිදි එම ගස සම්බන්ධව කටයුතු කළ හැකිය.
  4. 04
    ස්ථානීය පරීක්ෂාව: ඉන්පසු අපගේ සංවර්ධන නිලධාරීතුමිය ගස සම්බන්ධ ස්ථානීය පරීක්ෂණය සිදුකරයි.
  5. 05
    වියදම් දැරීම: සියලුම අයදුම්පත්‍ර පරීක්ෂා කිරීමෙන් අනතුරුව ගස් අයිතිකරුගේ වියදමින් ගස ඉවත් කිරීම සිදුකළ යුතු අතර අයදුම්කරු ඒ සඳහා වියදම් දැරීමට එකඟ වන්නේ නම් ඔහුගේ / ඇයගේ වියදමින් ඉවත් කළ යුතුය.
  6. 06
    නියෝග යැවීම: ගස් අයිතිකරු වෙත පළමු හා අවසන් නියෝග ලෙස නියෝග 02ක් යැවීම සිදුකරයි.
  7. 07
    නියෝග කඩකිරීමේදී ක්‍රියාමාර්ග: ගස සම්බන්ධව සභාවේ උක්ත නියෝග කඩකරමින් ගස් අයිතිකරු කටයුතු කරයි නම්, සභාව විසින් මිල ගණන් කැඳවා අවම ලංසු මුදල යටතේ ගස කපා ඉවත්කර, එම අදාළ මුදල (කැපුම් ගාස්තු, පරිපාලන ගාස්තු ඇතුළුව) නඩු මාර්ගයෙන් ගස් අයිතිකරුගෙන් අයකර ගැනීමට කටයුතු කරනු ලැබේ.
මූලික නීති: 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 107 (1) හා (2) වගන්ති

ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි සභාව සතු මාර්ග (ප්‍රාදේශීය සභා මාර්ග) පලුදු කරමින් නව ජල සබඳතා ලබාගැනීම හෝ ජලනල පද්ධති එලීම සඳහා පූර්ව ලිඛිත අවසරයක් ලබාගැනීම අනිවාර්ය වේ. අවසරයකින් තොරව මාර්ග පලුදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.

අවසරය ලබාගැනීමේ පියවර
  1. 01
    අයදුම්පත ඉදිරිපත් කිරීම: ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ලබාදුන් ජල සබඳතාවය අනුමත කළ ලිපිය සමඟ ප්‍රාදේශීය සභාව වෙතින් ලබාගන්නා "මාර්ග පලුදු කිරීමේ අයදුම්පත" සම්පූර්ණ කර කාර්යාලයට භාරදිය යුතුය.
  2. 02
    ස්ථානීය පරීක්ෂාව: සභාවේ තාක්ෂණික නිලධාරී (Technical Officer) හෝ මාර්ග පරීක්ෂකවරයා විසින් අදාළ ස්ථානය පරීක්ෂා කර, පලුදු කිරීමට නියමිත මාර්ගයේ දිග, පළල සහ මාර්ගයේ ස්වභාවය (තාර, කොන්ක්‍රීට්, කාපට් හෝ බොරළු) මැන බලා ඇස්තමේන්තුවක් සකස් කරනු ලබයි.
  3. 03
    ගාස්තු ගෙවීම: තාක්ෂණික වාර්තාවට අනුව පලුදු කළ මාර්ගය සභාව විසින් නැවත යථා තත්ත්වයට පත්කිරීම සඳහා යන වියදම සහ පරිපාලන ගාස්තු අයදුම්කරු විසින් සභා අරමුදලට ගෙවිය යුතුය. එමෙන්ම අදාළ වර්ෂයේ දෙසැම්බර් 31 වන දින දක්වා වරිපනම් මුදල් (හිඟ ඇතුළුව) ගෙවා තිබිය යුතුය.
  4. 04
    අවසරය ලැබීම: ගාස්තු ගෙවීමෙන් පසු එම අදාළ රිසිට් පත ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වෙත ඉදිරිපත් කළයුතුය.
මාර්ග පලුදු කිරීමේදී පිළිපැදිය යුතු වැදගත් නීති සහ කොන්දේසි
  • නැවත පිරවීම: නල එලීම අවසන් වූ වහාම කපන ලද කොටස පස් සහ ගල් දමා නිසි ලෙස තලා මට්ටම් කළ යුතුය.
  • ප්‍රතිසංස්කරණය: මාර්ගය නැවත ප්‍රීලීක්ස් (Premix) දමා පෙර තිබූ තත්ත්වයට පත්කිරීම සභාව විසින් සිදු කරන අතර, ජලය ලබාගත් පසු ඒ බව ලිඛිතව ප්‍රාදේශීය සභාවට දැනුම් දිය යුතුය.
විශේෂ අවධානයට: මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) හෝ පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය (PRDA) සතු ප්‍රධාන මාර්ග පලුදු කිරීම සඳහා අවසර ලබාගත යුත්තේ අදාළ ආයතනවලින් පමණි. ප්‍රාදේශීය සභාව මඟින් අවසර දෙනු ලබන්නේ සභාව සතු ග්‍රාමීය සහ අතුරු මාර්ග සඳහා පමණි.