ගරු සභාපතිතුමාගේ පණිවිඩය
ප්‍රගතිශීලී බලපිටිය වැසි ආදරණීය ජනතාව වෙත ද, අප සභාවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසෙන ඔබ සැම වෙත ද මාගේ හෘදයංගම ප්‍රණාමය පළ කර සිටිමි.ඓතිහාසික, සංස්කෘතික හා පාරිසරික උරුමයෙන් පෝෂිත අප බලපිටිය, නූතනත්වයට අනුගත වූ සෞභාග්‍යමත් මෙන් ම ආදර්ශමත් බලප්‍රදේශයක් බවට පත් කිරීම අපගේ ප්‍රධානතම අභිලාෂය යි. ජනතාවට වඩාත් පාරදෘශ්‍ය, කාර්යක්ෂම හා ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ රාජ්‍ය සේවාවක් සපයමින්, යටිතල පහසුකම් නැංවීම උදෙසා අප සභාව නිරන්තරයෙන් ම කැප වී සිටින්නෙමු.
මාදූ ගඟ ජෛව විවිධත්වය සුරකින තිරසාර සංචාරක ව්‍යාපාරයක් මෙන් ම, ප්‍රදේශයේ සම්ප්‍රදායික කර්මාන්ත සබල ගන්වන ග්‍රාමීය ආර්ථිකයක් නිර්මාණය කිරීම අපගේ ඉදිරි මහා සැලසුම යි. අතීතයේ උදාර අභිමානය හදවතින් ම දරාගෙන, හෙට දිනයේ අභියෝගයන් අභීත ව ජය ගනිමින් සුරක්ෂිත බලපිටියක් ගොඩනැඟීමේ මේ සංවර්ධන ගමන් මඟට ඔබ සැමට සාදරයෙන් ඇරයුම් කරමි!