බලපිටිය ප්‍රාදේශීය සභාව, බලපිටිය
0912 258 738 balaprasabhaya@yahoo.com
බලපිටිය ප්‍රාදේශීය සභාව Balapitiya Pradeshiya Sabha

සංචාරක ආකර්ෂණීය ස්ථාන

බලපිටිය යනු ස්වාභාවික සෞන්දර්යයෙන් සහ ඓතිහාසික වටිනාකම් වලින් පොහොසත් සුන්දර වෙරළබඩ නගරයකි. අප ප්‍රදේශයේ පිහිටි වඩාත් ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණීය ස්ථාන කිහිපයක් පහතින් දැක්වේ.

ස්වාභාවික මාදු ගඟ කොත්දූව විහාරය

මාදු ගඟ කොත්දූව විහාරය

මාදු ගඟ මැද පිහිටා ඇති මෙම ඓතිහාසික දූපත් පන්සල සාමකාමී පරිසරයකින් යුතු වන අතර, බෝට්ටු සංචාර වල යෙදෙන ඕනෑම අයෙක් යාමට අමතක නොකරන තැනකි.

මාදු ගඟ
වැඩි විස්තර
සංස්කෘතික කුරුඳු දූපත (Cinnamon Island)

කුරුඳු දූපත (Cinnamon Island)

සාම්ප්‍රදායික ක්‍රමයට කුරුඳු තෙල් නිස්සාරණය සහ කුරුඳු සැකසීමේ කටයුතු සිදුකරන ආකාරය සියැසින් දැක බලා ගත හැකි අපූර්ව ස්ථානයකි.

මාදු ගඟ, බලපිටිය
වැඩි විස්තර
ඓතිහාසික ඓතිහාසික වනවාස රාජමහ විහාරය

ඓතිහාසික වනවාස රාජමහ විහාරය

මහනුවර යුගයේ සිතුවම් සහ ඓතිහාසික නටඹුන් පවතින වනවාස විහාරය, අධ්‍යාත්මික වටිනාකමක් සහිත බෞද්ධ ජනතාවගේ පූජනීය සිද්ධස්ථානයකි.

බලපිටිය
වැඩි විස්තර
සත්ව සංරක්ෂණ කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය

කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය

වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති කැස්බෑවන් බිත්තර රැකගෙන නැවත සාගරයට මුදා හැරීම සිදුකරන මෙම ස්ථානය ලොව පුරා සංචාරකයින්ගේ නිරන්තර අවධානයට ලක්වේ.

කොස්ගොඩ
වැඩි විස්තර
වෙරළ බලපිටිය රන්වන් වෙරළ තීරය

බලපිටිය රන්වන් වෙරළ තීරය

රන්වන් පැහැති වැලි තලාව සහ සුන්දර පොල් වතු යායන් සහිත බලපිටිය වෙරළ නිදහස් සුවය සොයන දේශීය හා විදේශීය සංචාරකයින් සඳහා කදිම නැවතුම්පොළකි.

වෙරළ පාර, බලපිටිය
වැඩි විස්තර
ස්වාභාවික මාදු ගඟ සහ රැම්සා තෙත් බිම

මාදු ගඟ සහ රැම්සා තෙත් බිම

ජෛව විවිධත්වයෙන් අනූන මාදු ගඟ ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම තෙත් බිම වන අතර එය රැම්සා සම්මුතිය යටතේ නම් කර ඇත. එහි ඇති කුඩා දූපත් සංචාරකයින්ගේ විශේෂ ආක...

බලපිටිය
වැඩි විස්තර