රාජ්ය තාන්ත්රික සහ නිල සංචාර
කෙටි කාලයක් සඳහා ශ්රී ලංකාවට පැමිණෙන නිල සහ රාජ්ය තාන්ත්රික ගමන් බලපත්ර හිමියන් සඳහා නොමිලේ වීසා (Gratis Visa) නිකුත් කරනු ලැබේ.
නොමිලේ වීසා (Gratis Visa)
කෙටි කාලයක් සඳහා ශ්රී ලංකාවට පැමිණෙන නිල සහ රාජ්ය තාන්ත්රික ගමන් බලපත්ර හිමියන් සඳහා නොමිලේ වීසා (Gratis Visa) නිකුත් කරනු ලැබේ.
ශ්රී ලංකා විදේශ කටයුතු අමාත්යාංශයේ නිර්දේශය ඇතිව, රාජ්ය තාන්ත්රික/කොන්සියුලර් කටයුතු සඳහා වීසා බලපත්රයකින් අවසර දී ඇති සමස්ත කාල සීමාව තුළ අවස්ථා කිහිපයකදීම ශ්රී ලංකාවට ඇතුළු වීමට අපේක්ෂා කරන, තෙවන රටක සිට ශ්රී ලංකාව සඳහා අක්ත ගන්වා ඇති දූත මණ්ඩලයක රාජ්ය තාන්ත්රිකයෙකුට/නිලධාරියෙකුට එක් එක් සංචාරයේදී දින 90 කට සීමා කරමින් වසරක කාලයක් රැඳී සිටීමට අවසර ලබා දෙමින් නිකුත් කරනු ලබන වීසා බලපත්රයකි.
ප්රධාන විස්තර
තෙවන රටක සිට ශ්රී ලංකාව සඳහා අක්ත ගන්වා ඇති විදේශ දූත මණ්ඩලයක රාජ්ය තාන්ත්රිකයින් / නිලධාරීන්
එක් එක් සංචාරයේදී දින 90 ක රැඳී සිටීමට සීමා කරමින් වසරක් (වීසා බලපත්රයේ වලංගු කාලය තුළ බහුවිධ ඇතුළුවීම් සහිතව)
ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාලය / ශ්රී ලංකා විදේශ දූත මණ්ඩල
අවසර ලත් සහ තහනම් ක්රියාකාරකම්
අවසර ලත් ක්රියාකාරකම්:
රාජ්ය තාන්ත්රික හෝ කොන්සියුලර් කටයුතු ඉටු කිරීම
අවසර නොමැති ක්රියාකාරකම්:
වෙනත් ඕනෑම ක්රියාකාරකමක් සිදු කිරීම සපුරා තහනම් වේ
රටේ අභ්යන්තර දේශපාලන කටයුතුවල නිරත වීම
අවශ්ය ලියකියවිලි:
වලංගු ගමන් බලපත්රයේ පිටපතක්
විදේශ කටයුතු අමාත්යාංශයේ නිර්දේශ ලිපිය
වීසා නිදහස් කිරීම්
1 වන තීරුවේ දක්වා ඇති රටක පුරවැසියෙකුට 2 වන තීරුවේ දක්වා ඇති ගමන් බලපත්රයක් දරන්නේ නම් 3 වන තීරුවේ දක්වා ඇති කාල සීමාව සඳහා පහත සඳහන් වීසා නිදහස් කිරීම් ලබා දෙනු ලැබේ:-
|
1 වන තීරුව
රට
|
2 වන තීරුව
ගමන් බලපත්ර වර්ගය
|
3 වන තීරුව
වීසා කාල සීමාව
|
|---|---|---|
|
BH
බහරේන්
|
රාජ්ය තාන්ත්රික හෝ විශේෂ | පළමු ඇතුළුවීමේ සිට දින එකසිය අසූවක කාලයක් තුළ දින අනූවක් දක්වා |
|
BD
බංග්ලාදේශය
|
රාජ්ය තාන්ත්රික හෝ නිල | දින තිහක් දක්වා |
|
BY
බෙලරුස්
|
රාජ්ය තාන්ත්රික හෝ නිල | දින තිහක් දක්වා |
|
BR
බ්රසීලය
|
රාජ්ය තාන්ත්රික, නිල හෝ සේවා | දින අනූවක් දක්වා |
|
KH
කාම්බෝජය
|
රාජ්ය තාන්ත්රික, නිල හෝ සේවා | දින තිහක් දක්වා |
|
CL
චිලී
|
රාජ්ය තාන්ත්රික හෝ නිල | දින අනූවක් දක්වා |
|
CN
චීනය
|
රාජ්ය තාන්ත්රික, නිල, සේවා හෝ රාජ්ය කටයුතු | දින තිහක් දක්වා |
|
CU
කියුබාව
|
රාජ්ය තාන්ත්රික | දින අනූවක් දක්වා |
|
GE
ජෝර්ජියාව
|
රාජ්ය තාන්ත්රික, නිල හෝ සේවා | ඕනෑම දින එකසිය අසූවක කාලයක් තුළ දින අනූවක් දක්වා |
|
HK
හොංකොං
|
හොංකොං විශේෂ පරිපාලන කලාපයේ (SAR) පුරවැසියන් | දින තිහක් දක්වා |
|
IN
ඉන්දියාව
|
රාජ්ය තාන්ත්රික හෝ නිල (රාජ්ය තාන්ත්රික සහ නිල සංචාර සඳහා පමණි) (ජාත්යන්තර සංවිධානයක හෝ ආයතනයක සේවය කරන්නේ නම් නිල සහ පෞද්ගලික සංචාර සඳහා වීසා ලබා ගත යුතුය) | දින තිහක් දක්වා |
|
ID
ඉන්දුනීසියාව
|
රාජ්ය තාන්ත්රික, නිල හෝ සේවා | දින තිහක් දක්වා |
|
IR
ඉරානය
|
රාජ්ය තාන්ත්රික, නිල හෝ සේවා | දින තිහක් දක්වා |
|
KZ
කසකස්ථානය
|
රාජ්ය තාන්ත්රික හෝ සේවා | දින තිහක් දක්වා |
|
KE
කෙන්යාව
|
රාජ්ය තාන්ත්රික හෝ නිල | දින තිහක් දක්වා |
|
MV
මාලදිවයින
|
රාජ්ය තාන්ත්රික, නිල හෝ සාමාන්ය | දින අනූවක් දක්වා |
|
MM
මියන්මාරය
|
රාජ්ය තාන්ත්රික, නිල හෝ සේවා | දින තිහක් දක්වා |
|
OM
ඕමානය
|
රාජ්ය තාන්ත්රික, විශේෂ හෝ සේවා | පළමු ඇතුළුවීමේ සිට දින එකසිය අසූවක කාලයක් තුළ දින අනූවක් දක්වා |
|
PK
පකිස්ථානය
|
රාජ්ය තාන්ත්රික හෝ නිල | දින තිහක් දක්වා |
|
PH
පිලිපීනය
|
රාජ්ය තාන්ත්රික හෝ නිල | දින තිහක් දක්වා |
|
QA
කටාර්
|
රාජ්ය තාන්ත්රික සහ විශේෂ ගමන් බලපත්ර හිමියන් | දින තිහක් දක්වා |
|
RO
රුමේනියාව
|
රාජ්ය තාන්ත්රික | ඕනෑම දින එකසිය අසූවක කාලයක් තුළ දින අනූවක් දක්වා |
|
RU
රුසියාව
|
රාජ්ය තාන්ත්රික, නිල හෝ සේවා | දින තිහක් දක්වා |
|
SC
සීෂෙල්ස්
|
රාජ්ය තාන්ත්රික, නිල හෝ සාමාන්ය | එක් එක් සංචාරයේදී දින හැටක් සහ වසරක් තුළ සමුච්චිත දින අනූවක කාලයක් |
|
SG
සිංගප්පූරුව
|
රාජ්ය තාන්ත්රික, නිල හෝ සාමාන්ය | දින තිහක් දක්වා |
|
TH
තායිලන්තය
|
රාජ්ය තාන්ත්රික හෝ නිල | දින අනූවක් දක්වා |
|
UA
යුක්රේනය
|
රාජ්ය තාන්ත්රික, සේවා හෝ නිල | දින හැටක කාලයක් තුළ දින තිහක් දක්වා |
|
VN
වියට්නාමය
|
රාජ්ය තාන්ත්රික හෝ නිල | දින අනූවක් දක්වා |
|
BJ
බෙනින්
|
රාජ්ය තාන්ත්රික, නිල හෝ සේවා | දින තිහක් දක්වා |