ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

ස්ථිර පදිංචි වීසා (PRV)

වීසා සේවා

ස්ථිර පදිංචි වීසා

ස්ථිර පදිංචි වීසා

ස්ථිර පදිංචි වීසා යනු ශ්‍රී ලාංකික සම්භවයක් සහිත හෝ පුරවැසි පනතේ 19, 20, 21 වගන්ති යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහෝසි වූ තැනැත්තෙකුට හෝ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ශ්‍රී ලාංකික නොවන කලත්‍රයාට සහ ඔවුන්ගේ දරුවන්ට නිකුත් කරනු ලබන වීසා තත්ත්වයකි.

ස්ථිර පදිංචි වීසා සඳහා සුදුසුකම් ලබන්නේ කවුරුන් ද?

(a) Primary Applicant

(අ) ශ්‍රී ලාංකික සම්භවයක් සහිත හෝ පුරවැසි පනතේ (349 වන අධිකාරය) 19, 20 හෝ 21 වන වගන්ති යටතේ ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහෝසි වූ තැනැත්තෙකු;

(b) Primary Applicant

(ආ) අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාව වන විට විවාහය වසර පහකට වඩා වැඩි කාලයක් පැවති, ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ ශ්‍රී ලාංකික නොවන කලත්‍රයා;

(c) Primary Applicant

(ඇ) අභාවප්‍රාප්ත ශ්‍රී ලාංකික පුරවැසියාගේ මරණය සිදුවන අවස්ථාවේ විවාහය වසර පහකට වඩා වැඩි කාලයක් පැවති සහ අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාව වන විට නැවත විවාහ නොවූ, අභාවප්‍රාප්ත ශ්‍රී ලාංකික පුරවැසියෙකුගේ ශ්‍රී ලාංකික නොවන කලත්‍රයා;

(d)

(ඈ) අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාව වන විට විවාහය වසර පහකට වඩා වැඩි කාලයක් පැවති, ඉහත (අ) අනුඡේදයේ සඳහන් තැනැත්තාගේ ශ්‍රී ලාංකික නොවන කලත්‍රයා; සහ

(e)

(ඉ) ඉහත සඳහන් තැනැත්තෙකුගේ දරුවෙකු.

(අ), (ආ) සහ (ඇ) කාණ්ඩ යටතට ගැනෙන අයට මෙම ක්‍රමය යටතේ ප්‍රධාන අයදුම්කරු ලෙස අයදුම් කළ හැකිය

Applications (අයදුම්පත්)

PDF Document

APPLICATION FOR THE GRANT, ISSUANCE OR EXTENSION OF A PERMANENT RESIDENCE VISA (ස්ථිර පදිංචි වීසා බලපත්‍රයක් ප්‍රදානය කිරීම, නිකුත් කිරීම හෝ දීර්ඝ කිරීම සඳහා වන අයදුම්පත)

පෝරමය බාගත කරන්න (PDF)
PDF Document

PERSONAL PARTICULAR FORM FOR THE SECURITY CLEARANCE (ආරක්ෂක නිෂ්කාශනය සඳහා වූ පුද්ගලික තොරතුරු පෝරමය)

පෝරමය බාගත කරන්න (PDF)

ලේඛනගත සාක්ෂි

For the category (a) ((අ) කාණ්ඩය සඳහා)

  • වලංගු විදේශ ගමන් බලපත්‍රය
  • වර්තමාන පුරවැසිභාවය හිමි රටෙන් ලබාගත් පොලිස් නිෂ්කාශන වාර්තාව (වසරක් ඇතුළත ලබාගත්)
  • මීට පෙර දැරූ ශ්‍රී ලාංකික පුරවැසිභාවය තහවුරු කිරීමේ ලේඛනමය සාක්ෂි
  • ශ්‍රී ලංකා පුරවැසි (5(2)) සහතිකය (ශ්‍රී ලංකාවෙන් පිටත උපත ලැබුවේ නම්)
  • පවතින ශ්‍රී ලංකා ජාතික හැඳුනුම්පත
  • ලබාගත හැකි ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය(න්)
  • ශ්‍රී ලංකා උප්පැන්න සහතිකය
  • අයදුම්කරුගේ වර්ණ ඡායාරූපයක්

අමතර අවශ්‍යතා සහ ජෛවමිතික තොරතුරු

I. ඉහත PRV කාණ්ඩවල ලේඛන අවශ්‍යතාවලට අමතරව, අයදුම්කරුගේ අනන්‍යතාවය, පුරවැසිභාවය, සබඳතාවය සහ ආරක්ෂක නිෂ්කාශනය තහවුරු කර ගැනීම සඳහා අවශ්‍ය යැයි හැඟෙන අමතර ලේඛන නියමිත බලධාරියා විසින් කැඳවනු ලැබේ

II. නියමිත බලධාරියා විසින් ඉල්ලා සිටින විට අයදුම්කරුවන්ගේ ජෛවමිතික ලක්ෂණ ලබා දිය යුතුය.

කමිටු පරීක්ෂාව සහ ඇගයීම

I. සුදුසුකම් ලත් අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද PRV අයදුම්පත සහ ලේඛන PRV කමිටුවේ පරීක්ෂාව සඳහා යොමු කෙරේ. කමිටු අනුමැතිය ලබා දීමෙන් පසු අදාළ තීරණය පිළිබඳව අදාළ අයදුම්කරු වෙත දැනුම් දෙනු ලැබේ.

Notice

II. කිසිදු අවස්ථාවක, අවශ්‍ය ලේඛන සමඟ PRV අයදුම්පතක් ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවේ PRV ප්‍රදානය කිරීම/නිකුත් කිරීම සඳහා සලකා බැලීමේ සුදුසුකමක් ලෙස නොසැලකිය යුතුය.

ගාස්තු සටහන

Category (a)

ශ්‍රී ලංකා පුරවැසිභාවය අහෝසි වූ (අ) කාණ්ඩය සඳහා

US $ 1000
Category (b)

ශ්‍රී ලාංකික පුරවැසියාගේ විදේශීය කලත්‍රයා වන (ආ) කාණ්ඩය සඳහා

US $ 1000
Subcategory (c)

නැවත විවාහ නොවූ ශ්‍රී ලාංකික පුරවැසියාගේ විදේශීය කලත්‍රයා වන (ඇ) අනුකාණ්ඩය සඳහා

US $ 1000
Subcategory (d)

ශ්‍රී ලංකා පුරවැසිභාවය අහෝසි වූ තැනැත්තෙකුගේ විදේශීය කලත්‍රයා වන උපකාණ්ඩ I (ඈ) සඳහා

US $ 400
Subcategory (e)

(ඉ) අනුකාණ්ඩයේ දරුවන් සඳහා (තැනැත්තෙකුට)

US $ 400

PRV කාඩ්පත් වලංගු කාලය සහ අලුත් කිරීමේ ගාස්තු

Permanent Residence Visa Card 10-Year Renewable Identification Card

සෑම ස්ථිර පදිංචි වීසා බලපත්‍රයක් සඳහාම අලුත් කළ හැකි උපරිම වසර 10 ක කාලයක් සඳහා වලංගු කාඩ්පතක් නිකුත් කරනු ලැබේ. කාඩ්පත මුලින් නිකුත් කිරීම සඳහා නියමිත ගාස්තුව රු. 1000.00 කි. කාඩ්පතේ දක්වා ඇති පරිදි එම කාලය අවසන් වූ පසු PRV කාඩ්පත අලුත් කිරීමේ ගාස්තුව ලෙස ශ්‍රී ලංකා රු. 1000.00 ක මුදලක් ගෙවිය යුතුය.

ව්‍යවස්ථාපිත හිමිකම්

ස්ථිර පදිංචි වීසා බලපත්‍රයක් ප්‍රදානය කරන ලද හෝ නිකුත් කරන ලද තැනැත්තෙකු පහත සඳහන් දෑ සඳහා හිමිකම් ලබයි:

(a)

(අ) ශ්‍රී ලංකාවට ඇතුළුවීම සහ රැඳී සිටීම;

(b)

(ආ) වෙනත් යම් ලිඛිත නීතියකින් සලසා ඇති පරිදි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනෙකුත් පොදු සේවාවන් වෙත ප්‍රවේශය ලැබීම;

(c)

(ඇ) වෙනත් යම් ලිඛිත නීතියකින් සලසා ඇති පරිදි ශ්‍රී ලංකාව තුළ ඕනෑම නීත්‍යානුකූල රැකියාවක නිරත වීම

(d)

(ඈ) ඕනෑම නීත්‍යානුකූල ව්‍යාපාරික හෝ වාණිජ කටයුත්තක නිරත වීම; සහ

(e)

(ඉ) වෙනත් යම් ලිඛිත නීතියකින් සලසා ඇති පරිදි ශ්‍රී ලංකාවේ ඕනෑම දේපළක් උරුම කර ගැනීම, පැවරීම හෝ පවරා දීම.

වීසා වලංගුභාවය අහෝසි වීම

ශ්‍රී ලාංකික නොවන කලත්‍රයෙකුට ප්‍රදානය කරන ලද හෝ නිකුත් කරන ලද ස්ථිර පදිංචි වීසා බලපත්‍රයක් පහත සඳහන් අවස්ථාවන්හිදී අහෝසි වේ:

(a)

(අ) 1(ඈ) හි සඳහන් ශ්‍රී ලාංකික නොවන කලත්‍රයා සහ 1(අ) හි සඳහන් ප්‍රධාන අයදුම්කරු අතර ඇති කරගත් විවාහය, විවාහයට එළැඹි දින සිට වසර පහක් ඉකුත්වීමට පෙර නීත්‍යානුකූලව විසිරුවා හරිනු ලැබුවහොත්;

(b)

(ආ) 1(ආ) හි සඳහන් ශ්‍රී ලාංකික නොවන කලත්‍රයාගේ සහ ශ්‍රී ලාංකික පුරවැසියාගේ විවාහය, විවාහයට එළැඹි දින සිට වසර පහක් ඉකුත්වීමට පෙර නීත්‍යානුකූලව විසිරුවා හරිනු ලැබුවහොත්; හෝ

(c)

(ඇ) 1(ඇ) හි සඳහන් තැනැත්තෙකු, මුල් විවාහයට එළැඹි දින සිට වසර පහක් ඉකුත්වීමට පෙර, ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු හෝ ස්ථිර පදිංචිකරුවෙකු නොවන තැනැත්තෙකු සමඟ වෙනත් වලංගු විවාහයකට එළැඹෙන්නේ නම්;

අවලංගු කිරීමේ පදනම

පහත සඳහන් අවස්ථාවන්හිදී යම් තැනැත්තෙකුට ප්‍රදානය කරන ලද හෝ නිකුත් කරන ලද ස්ථිර පදිංචි වීසා බලපත්‍රයක් අවලංගු කිරීමට නියමිත බලධාරියාට හැකිය.

(a)

(අ) වංචාව, අසත්‍ය ප්‍රකාශ කිරීම හෝ කිසියම් වැදගත් කරුණක් වසන් කිරීම මගින් ස්ථිර පදිංචි වීසා බලපත්‍රය ලබාගෙන තිබේ නම්;

(b)

(ආ) ස්ථිර පදිංචි වීසා බලපත්‍රලාභියා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට පටහැනිව ක්‍රියා කර තිබේ නම්;

(c)

(ඇ) ශ්‍රී ලංකාව පාර්ශවකරුවෙකු වන යම් සිවිල් ආරවුලක් හෝ යුද්ධයක් අතරතුර, ස්ථිර පදිංචි වීසා බලපත්‍රලාභියා ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට පටහැනිව ප්‍රතිවාදී පාර්ශවයට යම් ආකාරයකින් සහාය ලබා දී හෝ සම්බන්ධ වී තිබේ නම්;

(d)

(ඈ) ස්ථිර පදිංචි වීසා බලපත්‍රය ප්‍රදානය කිරීමෙන් පසු, බලපත්‍රලාභියා ශ්‍රී ලංකාවේ හෝ වෙනත් යම් රටක අධිකරණයක් මගින් වසර දෙකකට වැඩි කාලයක් සඳහා සිරදඬුවමකට යටත් කරනු ලැබ තිබේ නම්;

(e)

(ඉ) 8 වන රෙගුලාසිය යටතේ ස්ථිර පදිංචි වීසා බලපත්‍රය වලංගු නොවන තත්ත්වයට පත්ව තිබේ නම්; හෝ

(f)

(ඊ) ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ අඛණ්ඩතාව උදෙසා, හෝ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවේ අවශ්‍යතා සඳහා එසේ කිරීම අවශ්‍ය වේ නම්, සහ

(g)

(උ) උප-කාණ්ඩ I (අ), (ආ) සහ (ඇ) යටතේ දැනටමත් ශ්‍රී ලංකා PRV ප්‍රදානය කරන ලද හෝ නිකුත් කරන ලද තැනැත්තා විසින් PRV අවලංගු කිරීම සඳහා නියමිත පෝරමයේ ඉල්ලීමක් කරන ලද අවස්ථාවක.

Official Legislation

ශ්‍රී ලංකා PRV සඳහා අයදුම් කිරීම පිළිබඳ සම්පූර්ණ විස්තර 2024 මැයි 07 දිනැති අංක 2383/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදී