ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

සංචාරක වීසා දීර්ඝ කිරීම (Extension of Tourist Visa)

වීසා සේවා

සංචාරක වීසා දීර්ඝ කිරීම (Extension of Tourist Visa)

සංචාරක වීසා දීර්ඝ කිරීම (Visit Visa Extension) • මගේ සංචාරක වීසා බලපත්‍රය අලුත් කර ගන්නේ කෙසේද?

සංචාරක වීසා දීර්ඝ කිරීම (Visit Visa Extension)

මගේ සංචාරක වීසා බලපත්‍රය අලුත් කර ගන්නේ කෙසේද?

සංචාරක වීසා දීර්ඝ කිරීම් වර්ග හතරක් ඇත:

01
ETA

ETA (විද්‍යුත් සංචාරක බලය පැවරීමේ පද්ධතිය හරහා ලබාගත් වීසා) (ගෙවීම් පදනම මත)

02
30 Days

දින 30 ක සංචාරක වීසා (ගෙවීම් පදනම මත) (2024 සැප්තැම්බර් 27 ට පෙර ලබාගත්)

03
7 Nationals

ජාතිකයන් හත්දෙනෙකු සඳහා දින 30 ක නොමිලේ සංචාරක වීසා (ගෙවීම් පදනම මත) (චීනය, ඉන්දියාව, රුසියාව, ජපානය, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව)

04
06 Months

මාස 06 ක සංචාරක වීසා සහ මාස 06 ක ව්‍යාපාරික වීසා (ගෙවීමකින් තොරව) (2024 සැප්තැම්බර් 27 ට පෙර ලබාගත්)

ඉහත සංචාරක වීසා කාණ්ඩ පහත පරිදි දීර්ඝ කළ හැක:

Online Submission • Head Office Battaramulla
ETA Tourist Visa

ETA හරහා ලබාගත් සංචාරක වීසා මාර්ගගතව (https://eservices.immigration.gov.lk/vs/login.php) හෝ බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් දීර්ඝ කර ගත හැක.

30 Days Tourist Visa (Obtained before - 27 September 2024)

දින 30 ක සංචාරක වීසා දීර්ඝ කිරීම මාර්ගගතව (https://eservices.immigration.gov.lk/vs/login.php) හෝ බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් ලබා ගත හැක.

30 Days Free Tourist Visa for Seven Nationals

රටවල් හතක (චීනය, ඉන්දියාව, රුසියාව, ජපානය, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව) ජාතිකයන් සඳහා වන දින 30 ක නොමිලේ සංචාරක වීසා දීර්ඝ කිරීම මාර්ගගතව (https://eservices.immigration.gov.lk/vs/login.php) හෝ බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයට පැමිණීමෙන් ලබා ගත හැක.

06 Months Tourist & Business Visa (Dedicate Double Entry) Online Only

මාස 06 ක සංචාරක වීසා සහ මාස හයක ව්‍යාපාරික වීසා දෙවරක් ඇතුළුවීමේ පහසුකම කැප කිරීමෙන් තවත් දින 60 කින් දීර්ඝ කළ හැක. මෙම දීර්ඝ කිරීම මාර්ගගතව (https://eservices.immigration.gov.lk/OnlineVisa/pages/visaextension/visaextension.xhtml) වෙත පිවිසීමෙන් පමණක් ලබා ගත හැක.

සංචාරක වීසා බලපත්‍රය දීර්ඝ කිරීමට මට අවශ්‍ය ලියකියවිලි මොනවාද?

සංචාරක වීසා

ආපසු ගුවන් ටිකට් පත.

Confirmed return journey

නවාතැන් ගන්නා ස්ථානයේ ලිපිනය සහ දුරකථන අංකය.

Registered contact details

අයදුම්කරුගේ ඡායාරූපය සමඟ අයදුම්පත.

Recent compliant photo

වලංගු විදේශ ගමන් බලපත්‍රය.

Valid travel document

* වීසා අයදුම් කිරීමට සහ ලබා ගැනීමට අයදුම්කරු පෞද්ගලිකව පැමිණ සිටීම අනිවාර්ය වේ. (ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට අයදුම්පත් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන අය සඳහා පමණි).

සංචාරක වීසා අලුත් කිරීමේ අයදුම්පත මට ලබාගත හැක්කේ කොහෙන්ද?

Head Office Issuance • Official PDF Download

Department Head Office

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, බත්තරමුල්ල.

අයදුම්පත්වල මුද්‍රණය කළ හැකි පිටපත මෙතැනින් බාගත කරන්න

Official Sri Lanka Visit Visa Extension Form (PDF format)

මගේ සංචාරක වීසා බලපත්‍රය අලුත් කිරීම සඳහා අදාළ වන අනෙකුත් කොන්දේසි මොනවාද?

Statutory Regulations • Department Guidelines
1

ශ්‍රී ලංකාවේ ඔබගේ අපේක්ෂිත රැඳී සිටීම ඔබගේ ගමන් ලියවිල්ල කල් ඉකුත්වන දිනට අවම වශයෙන් මාස දෙකකට පෙර අවසන් විය යුතුය.

2

වයස අවුරුදු 12 ට අඩු ළමුන් ඔවුන්ගේ මූලික පැමිණීමේ දින සිට දින තිහකට වඩා වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින්නේ නම් සුදුසු වීසා දීර්ඝ කිරීමේ ගාස්තුවක් ගෙවා ඔවුන්ගේ සංචාරක වීසා බලපත්‍රය දීර්ඝ කළ යුතුය.

3

සංචාරක වීසා සඳහා දෙවරක් ඇතුළුවීමේ පහසුකම (Double entry) ලබා ගත හැක්කේ ඔවුන්ගේ මූලික පැමිණීමේ දින සිට පළමු දින 30 ක කාලය තුළ පමණි.

4

මූලික පැමිණීමේ දින සිට පළමු දින 30 ක කාලය තුළ වීසා දීර්ඝ කිරීමක් ඉල්ලා සිටියහොත්/ලබා ගන්නේ නම් ඉහත සඳහන් කළ දෙවරක් ඇතුළුවීමේ පහසුකම ස්වයංක්‍රීයව අවලංගු වේ.

5

අදාළ වීසා දීර්ඝ කිරීමේ ගාස්තුව ගෙවා ලබා ගන්නා සංචාරක වීසා දීර්ඝ කිරීම්, දීර්ඝ කළ වීසා කාලය තුළ දිවයිනෙන් පිටත්ව යාමේදී ස්වයංක්‍රීයව අවලංගු වන අතර නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නව සංචාරක වීසා බලපත්‍රයක් ලබා ගත යුතුය.

6

කරුණාකර ඔබ නිවැරදි වෙබ් සබැඳිය හරහා (මෙහි ක්ලික් කරන්න) සහ ඔබගේ වත්මන් වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට පෙර සංචාරක වීසා දීර්ඝ කිරීම සඳහා මාර්ගගතව අයදුම් කිරීමට වග බලා ගන්න. වෙනත් වෙබ් අඩවි හරහා සංචාරක වීසා දීර්ඝ කිරීම සඳහා වන අයදුම්පත් වීසා දීර්ඝ කිරීම් සඳහා ඉල්ලීමක් ලෙස නොසැලකේ. මෙහි ක්ලික් කරන්න

7

ඔබට සුදුසු වෙබ් අඩවිය හරහා සංචාරක වීසා දීර්ඝ කිරීම් සඳහා අයදුම් කිරීමට නොහැකි නම් හෝ ඔබගේ මාර්ගගත අයදුම්පත සාර්ථක වුවද කිසිදු ප්‍රතිචාරයක් නොලැබුනේ නම්, කරුණාකර ඔබගේ විදේශ ගමන් බලපත්‍රය සහ ඡායාරූපය සමඟ ඉදිරි වැඩ කරන දින තුන ඇතුළත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට පැමිණෙන්න.

8

වීසා කල් ඉකුත්වීම හේතුවෙන් පනවන ලද දඩ මුදල් මඟහරවා ගැනීම සඳහා මාර්ගගතව අයදුම්පතක් ඉදිරිපත් කිරීමට උත්සාහ කිරීම සලකා බලනු නොලැබේ.

9

සංචාරක (ව්‍යාපාරික වීසා) මාර්ගගතව දීර්ඝ කළ නොහැකි බව කරුණාවෙන් සලකන්න.

10
අදාළ සංචාරක සහ ව්‍යාපාරික වීසා දීර්ඝ කිරීමේ ගාස්තු සඳහා මෙහි ක්ලික් කරන්න මෙහි ක්ලික් කරන්න
සංචාරක වීසා දීර්ඝ කිරීම (Visit Visa Extension)

සංචාරක වීසා දීර්ඝ කිරීම (Extension of Tourist Visa)

කරුණාකර ඔබ නිවැරදි වෙබ් සබැඳිය හරහා (මෙහි ක්ලික් කරන්න) සහ ඔබගේ වත්මන් වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට පෙර සංචාරක වීසා දීර්ඝ කිරීම සඳහා මාර්ගගතව අයදුම් කිරීමට වග බලා ගන්න. වෙනත් වෙබ් අඩවි හරහා සංචාරක වීසා දීර්ඝ කිරීම සඳහා වන අයදුම්පත් වීසා දීර්ඝ කිරීම් සඳහා ඉල්ලීමක් ලෙස නොසැලකේ.