සාමාන්ය තොරතුරු
රටවල් 40ක් සඳහා සංචාරක වීසා (ETA) ගාස්තු රහිතව පිරිනැමේ. වැඩිදුර තොරතුරු
ශ්රී ලංකාවට පැමිණෙන සියලුම සංචාරක හෝ ව්යාපාරික සංචාරකයින්ට ශ්රී ලංකාවට ඇතුළුවීම සඳහා ETA ලබාගත හැක. වැඩිදුර තොරතුරු
තෙවන පාර්ශවයන් මගින් ETA අයදුම් කිරීමේදී https://eta.gov.lk වෙබ් අඩවියේ ඇති ගෙවීම් පද්ධතිය හරහා ගෙවීම් කළ යුතුය. නිල වෙබ් අඩවිය භාවිතා කිරීමට සැමවිටම වගබලා ගන්න.
සේවා කාලය කුමක්ද?
තෙවන පාර්ශවයන් මගින් ETA අයදුම් කිරීමේදී https://eta.gov.lk නිල වෙබ් අඩවිය හරහා පමණක් ගෙවීම් සිදුකළ යුතු අතර ශ්රී ලංකාවට ඇතුළුවන ස්ථානයේදී නැවත ගෙවීම් කිරීමෙන් වළකින්න.
බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තු ප්රධාන කාර්යාලයේදී භෞතික අයදුම්පත් භාරගැනීම: පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා (ටෝකන් අංක නිකුත් කරනු ලබන්නේ ප.ව. 2.00 දක්වා පමණි)
අයදුම්පත් භාරදීමෙන් පසු වීසා ලබාගැනීම අයදුම්පත භාරදුන් වේලාවේ සිට පැය 2.30කට පසුව සිදුකළ හැක. වෙනත් දිනයක් නියම කර ඇත්නම් නියමිත දින පෙ.ව. 9.00 සිට දහවල් 12.00 දක්වා ලබාගත හැක.
ගෙවීම් කවුන්ටර ප.ව. 3.30ට වසා තැබේ. සෙනසුරාදා, ඉරිදා සහ රජයේ නිවාඩු දිනවල කාර්යාලය වසා තැබේ.
ශ්රී ලංකා වීසා බලපත්රයක් යනු කුමක්ද?
ශ්රී ලංකා වීසා බලපත්රයක් යනු ශ්රී ලාංකික නොවන පුද්ගලයෙකුට මෙරටට නීත්යානුකූලව ඇතුළුවීමට සහ රැඳී සිටින කාලය හා කොන්දේසි පාලනය කිරීම සඳහා විදේශ ගමන් බලපත්රයක සටහන් කරනු ලබන නිල අනුමැතියකි.
ශ්රී ලංකා වීසා වර්ග මොනවාද?
පුද්ගලයෙකුට ශ්රී ලංකාවට ඇතුළුවීමට සහ/හෝ රැඳී සිටීමට අවසර ලබා දෙන වීසා වර්ග තුනක් (03) ඇත.
සංචාරක වීසා බලපත්රයක් යනු විදේශිකයෙකු මෙරටට ඇතුළත් කරගැනීම සඳහා ශ්රී ලංකා රජයේ කැමැත්ත ප්රකාශ කරන ප්රවේශ බලපත්රයකි. මෙහි රැඳී සිටීමේ කාලය සහ කොන්දේසි අඩංගු වේ.
සංචාරක වීසා යටතට ගැනෙන උප කාණ්ඩ දෙකක් ඇත
සංචාරක වීසා: දර්ශන නැරඹීම, නිවාඩු ගත කිරීම, ඥාතීන් බැලීම, වෛද්ය ප්රතිකාර හෝ කෙටි කාලීන ක්රීඩා/කලා උත්සව සඳහා පැමිණෙන සංචාරකයින්ට නිකුත් කෙරේ. මෙය එක්වරක් හෝ දෙවරක් ඇතුළුවීම සඳහා නිකුත් කළ හැක.
ව්යාපාරික අරමුණු සඳහා වන වීසා: කෙටි කාලීනව ව්යාපාරික කටයුතු සඳහා ශ්රී ලංකාවට පැමිණෙන විදේශිකයන්ට නිකුත් කෙරේ. මෙය තනි, ද්විත්ව හෝ බහුවිධ සංචාර සඳහා නිකුත් කළ හැක.