ආගමන හා විගමන දෙපාර්තමේන්තුව

විදේශ ගමන් බලපත්‍ර සහායක සේවා

SRI LANKAN PASSPORT SERVICES

විදේශ ගමන් බලපත්‍ර සහායක සේවා

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල ශාඛාව මඟින් සපයනු ලබන ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර සහතික කිරීමේ සහ පරිවර්තන සේවාවන්.

සහතික කිරීමේ සේවාව

විදේශ ගමන් බලපත්‍රයක ප්‍රධාන දත්ත පිටුවේ පිටපතක් සහතික කරවා ගන්නේ කෙසේද?

සහතික කිරීමේ සේවාව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල ශාඛාව මඟින් සපයනු ලැබේ. (Location & Hours)

මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය ලේඛන මොනවාද?

මුල් විදේශ ගමන් බලපත්‍රය සහ සහතික කළ යුතු පිටපත්

මෙම සේවාව සඳහා අය කෙරෙන ගාස්තු මොනවාද?

එක් පිටපතක් සඳහා රු. 300.00 කි.
(ප්‍රධාන පිටුව පමණක් සහතික කෙරේ)

පරිවර්තන සේවාව

ප්‍රධාන පිටුවේ දත්ත සහ ඊට අදාළ අනුමත කිරීම්වල අරාබි පරිවර්තනයක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල ශාඛාව මඟින් සපයනු ලැබේ.

මගේ විදේශ ගමන් බලපත්‍රයේ පරිවර්තනයක් ලබා ගැනීමේ ක්‍රියා පටිපාටිය කුමක්ද?

අයදුම්කරු තම විදේශ ගමන් බලපත්‍රය ද සමඟ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට පෞද්ගලිකව පැමිණිය යුතුය. (Head Office Battaramulla)

මෙම සේවාව සඳහා අය කෙරෙන ගාස්තුව කොපමණද?

එක් විදේශ ගමන් බලපත්‍ර පරිවර්තනයක් සඳහා රු. 1200.00 කි
Overseas Support Services

Applying for Sri Lankan Passports Overseas?

Explore our full guide for overseas passport applicants, biometrics requirements at port of entry, and Sri Lankan missions abroad.